Pages

EM

>

Monday, November 19, 2018

ලෝක වැසිකිළි දිනය අදයි (2018-11-19)

ඉන්දීය නිදහස් අරගලයේ පියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධි, තමන්ගේ වැසිකිළිය තමන්ම පිරිසුදු කර ගැනීම සිදු කෙරිණි. එම කරුණ මුල් කරගෙන වංශවතුන් තමන්ට මහත්මාගාන්ධි විසින් අවමන් කරන බවට චෝදනාවක් ද කර ඇත. අදට ද ඉන්දියානුවන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැත. ඉන්දියානුවන්ගේ නිවාසවල වැසිකිළි පහසුකම් ඇත්තේ 46.9% බවටත් ඉතිරි 49.8ම තම බහිශ්‍රාවිය කටයුතු සඳහා තෝරා ගන්නේ එලිමහන බවත්, පොදු වැසිකිළි භාවිත කරන ප්‍රතිශතය 3.2%ක් ලෙස දත්තවල දැක්වේ. ලොව මහා බලවතා වීමට වෙරදරන ඉන්දියාවේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව අවධානය යොමු වීම අල්පය.

ලෝක ජනගහනයෙන් 12% ක් එනම් මිලියන 892 ක් විවෘත පරිසරයේ මළපහ කිරීම සිදු කරයි. තොරතුරු වලට අනුව මෙයින් සියයට හැත්තෑහයක් (මිලියන 678 ක්) ජීවත්වන්නේ රටවල් හතකය. එනම්,
නයිජීරියාව - 25% 
ඉන්දුනීසියාව - 12%
ඉතියෝපියාව - 27%
පාකිස්ථානය - 12%
නයිගර් - 71%
සුඩානය - 27%
දකුණු සුඩානය - 61%
එරිට්‍රියා - 76%
යන රටවල් හත ය. 

“ටොයිලට් ඒක් ප්‍රේම් කතා” ඉන්දියාවේ මේ සම්ප්‍රදායික උරුමයට වැදුණු අතුල් පහරකි. එහෙත් එම පහරම ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයන් විසින් සෙනෙහසින් වැලඳගන්නා ලදී. ලෝකයේම ධනවතා වී සිටින මේ වසරේ දෙවැනි ධනවතා බවට පත්වූ බිලියනපති බිල් ගේට් සිනමාපටය තිරගතවීමත් සමඟ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කළේ 2017 ලෝකයට බලපෑ කතා නවයෙන් තෙවැන්න “ටොයිලට්: ඒක් ප්‍රේම් කතා” බවය.

මේ ගස් මූල සම්ප්‍රදාය වසර 2019 දී අවසන් කළ යුතු බව ඔහු තරයේ කියා සිටී. වසර 2019 දී වැසිකිළි මිලියන සියයක් යන්න ඉන්දියානුවන් දකින සිහිනයකි.

සුදු ජාතිකයන්ගේ ආධිපත්‍ය භාරතයේ පවතිද්දී මහත්මා ගාන්ධි විසින් සුදු ජාතිකයන්ට ඉන්දියාව එපා කරවීමට කළ උපක්‍රමයක් ලෙස මෙය දක්වා තිබුණද සැබෑ කතාව හින්දු ආගම හා බැඳී පවතී. හින්දූන් මෙසේ කරන්නේ අපවිත්‍ර දෑ අත්ලේ තැවරීමෙන් වළක්වා ගැනීම සඳහාය. ගස්, වැල්, පඳුරු යට මෙසේ කිරීමෙන් ඔවුන් අපවිත්‍ර දැයින් සම්පූර්ණයෙන් නිදහස් වී ශුද්ධ වෙයි. ලෝක ජනගහනයෙන් සියයට දාහතක් සිටින්නේ ඉන්දියාවේ ය.

ඉන්දියාවේ වැඩිම ජනකායක් ගස් මූල සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන්නේ ජර්කන්ද්වලය. ඔඩිෂා සහ මධ්‍ය ප්‍රදේශ පිළිවෙළින් දෙවැනි හා තෙවැනි තැන ගනී. නයිජිරියාවේ මිලියන 46ක් මළ පිට කරන්නේ ගස්, පඳුරු, ඇළ මාර්ග ආදී තැන්වලය. නයිජීරියානු රජය එළි පහලියට යන්නන්ට එරෙහිව දඩ ගැසීමට පටන්ගෙන ඇත. සෑම වසරකම නයිජීරියාවේ මවුවරුන් 85,000කට වැඩි ගණනකට දරුවන් අහිමි වේ. ඒ පාචනයට. මේ ශරීර සෞඛ්‍යට අහිතකර පුරුද්ද හේතුවන නිසයි. වැසිකිළි පහසුකම් නැති නයිජීරියානු කාන්තාවන්ට හා දැරියන්ට මළ පිටකිරීම සඳහා තැනක් සොයා ගැනීමට වසරකට පැය බිලියන 3.1 ක් වැයකිරීමට සිදුවේ.

ඉන්දුනීසියාවේ වාර්ෂිකව 136,000 - 190,000 අතර දරුවන් පිරිසකට පස්වැනි උපන් දිනය සැමරීමට සිදුවන්නේ නැත. ඒ මේ සෞඛ්‍ය විරෝධී ක්‍රියාව නිසා ඇතිවන රෝගාබාධ නිසාය.

ඉන්දියාවේ “ටොයිලට් ඒක් ප්‍රේම්කතා” නිර්මාණය වූයේ සත්‍ය කතාවක් පසුබිම් කරගෙනය. විවාහ වී සැමියාගේ නිවෙසට පැමිණි පසු එම නිවෙසේ වැසිකිළියක් නැතිකමින් තරුණියක් තවදුරටත් ඔහු හා දිවිගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. මේ ඒ තේමාවෙන් තැනුණු ප්‍රථම ඉන්දියානු සිනමාපටය නොවේ. ඊට පෙරද සිනමාපටයක් නිර්මාණය විය. නයිජීරියාවේද කාන්තා පක්ෂය මේ කරුණ මත සැමියන් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇත. ඔබන්ලිකු ප්‍රජාව ඒ අතර කැපී පෙනෙයි.

වැසිකිළි තැනීම ඇරඹුණේ කවර කාලයේ දැයි කිව නොහැකිය. එහෙත් එහි අතීතය ක්‍රි. පූ. 1700 දක්වා ඇතැම් විට ඊටත් අතීතයට දිවයයි. එසේ වුවද තවමත් ලොවට වැසිකිළි නැතිකම බරපතළ ගැටලුවකි.

අන්තර්ජාලයෙනි.

Monday, September 17, 2018

ඕසෝන් දිනය 2018-09-16

 හරිතාගාර වායුව පිටවීම මගින් පෘථිවිය ආරක්ෂා කරන සියුම් ආවරණයට හානි පමුණුවන හිරුගේ හානි කර පාරජම්බුල කිරණවලින් සිදුවන බලපෑම අවම කරයි. මේ සියුම් ඕසෝන් ස්ථරයෙන් තොරව පෘථිවිය මත ජීවය පවතින්නේ නැත. 

1987 දී අත්සන් කරන ලද ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීම සඳහා වන මුල් මොන්ට්රීයල් (Montreal) ගිවිසුම මේ ඕසෝන් දිනය සැමරීම මගින් සිහිගන්වයි. මෙවර ඕසෝන් දිනයේ තේමාව වන්නේ 'ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමේ මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මකයි’ යන්නයි. ඕසෝන් ස්ථරයට හානි සිදුවන ද්‍රව්‍ය පාලනයකින් යුතුව භාවිතය තුළින් දේශගුණික වෙනස්වීම් සිදුවේ.

මෙවර ඕසෝන් දින තේමාව වන්නේ: Keep cool and carry on the Montreal Protocol යන්නයි.

ඕසෝන් වියනට හානි කර රසායනික ද්‍රව්‍යය භාවිතා කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් නව තහංචි හා කොන්දේසි කිහිපයක් පසුගිය වර්ෂ‍යේ (2017) ඕසෝන් දිනයට සමගාමීව් ක්‍රියාත්මක කෙරිණි. එහි ප්‍රගතිය කෙසේ සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීම වටි.


හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනික ද්‍රව්‍ය යොදා ගනු ලබන ශීතකරණ හා වායුසමන අලුත්වැඩියා හා නඩත්තු සේවා ක්ෂේත්‍රය කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම පාලනය කරමින්, හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනිකය ආනයනය සීමා කිරීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබෙනවා.



ඕසෝන් ස්තරය සුරැකීම සඳහා වූ වියානා සම්මුතියේ සහ මොන්ට්‍රියල් සන්ධානයේ එකඟතාවන්ට හා බැඳීම්වලට අනුකූලව හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් නැමැති ඕසෝන් වියනට හානි කර රසායනික ද්‍රව්‍යය භාවිතය අවම කිරීමටත්, ඒ වෙනුවට ඕසෝන් හිතකාමී විකල්ප හඳුන්වා දීමටත් අදාළව ගනු ලබන ක්‍රියාමාර්ග ලෙස මෙම විසඳුම් ඉදිරිපත් කර ඇත.


01 ශීතකරණ, අධිශීතකරණ, වායු සමන යන්ත්‍ර හා තාප පොම්ප ඒකක, ජල සිසිලන, අයිස් නිෂ්පාදන යන්ත්‍ර, වාහන අධිශීතකරණ හෝ බහාලුම් ඇතුළු මොන්ට්‍රිටල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්‍රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ (Used) හෝ අලුත්වැඩියා කළ (Reconditioned) උපකරණ ආනයනය වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම් කිරීම.



02 ගෝලීය උණසුම් විභවය (Global Warming Potontial) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Depleting Potential) 0.03 ඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනික භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2018-01-01දින සිට තහනම් කිරීම.


03 ගෝලීය උණසුම් විභවය (Global Warming Potential) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Deplenting POtential) 0.03 නොඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනික භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2021-01-01 දින සිට තහනම් කිරීම.



04 ශීතකරණ හා වායු සමීකරණ උපකරණ සේවා හා නඩත්තු කටයුතු සිදුකරනු ලබන කාර්මික ආයතන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී, ශීතකාරක එකතු කිරීමේ හා නැවත ප්‍රතිචක්‍රීයකරණය කරගැනීමේ උපකරණයක් (Refrigerant Recovery and Recycling Machine) තිබීම අනිවාර්ය බවට වූ කොන්දේසියක් 2019-01-01 දින සිට බලපැවැත්වෙන පරිදි ඇතුළත් කිරීම.



Tuesday, July 17, 2018

පියාඹන රථයක් (BlackFly )

පැදවීමට නියමු බලපත්‍රයක් අවශ්‍ය නොවන පියාඹන රථයක් කැලිෆෝර්නියාවේදී එළි දක්වා තිබේ.

බ්ලැක් ෆ්ලයි (BlackFly) ලෙස හඳුන්වා ඇති එම රිය පැයට සැතපුම් 62 ක වේගයකින් සැතපුම් 25 (කිමී 40) ක දුරක් යා හැක.

සාමාන්‍ය ස්පෝට්ස් මෝටර් රියක (SUV) මට්ටමට එය මිල වනු ඇති නමුත් මුල් අවදියේ මාදිලි මිල අධික විය හැකි බව එහි නිර්මාපකයෝ පවසති.

එම රථය නිපැයූ සමාගමට මුල්‍ය ප්‍රතිපාදන සපයනු ලබන්නේ ගූගල් සම-නිර්මාතෘ ලැරී පේජ් විසිනි.

ලස් වේගස් හි පුද්ගලික ගුවන් යානයක් අත්හදා බලමින් සිටින තවත් ඇමෙරිකානු නව්‍ය සමාගමක් වන කිටී හෝක් පසුපස සිටින්නේ ද ලැරී පේජ් ය.

මෙවැනි තවත් තරගකාරී පියාඹන මෝටර් රථ ලොවපුරා නිර්මාණය වෙමින් පවතී.

බ්ලැක් ෆ්ලයි නිර්මාණය කළේ කැලිෆෝර්නියා හි පෑලෝ ඇල්ටෝ ප්‍රදේශයේ පිහිටි ඕපනර් (Opener) නම් සමාගමකි. එය කැනඩාවේ දී අත්හදා බැලූ අතර එරට ගුවන්සේවා අධිකාරිය එය භාවිතයට අනුමැතිය පළකර ඇත.

කිටී හෝක් මෙන් බ්ලැක් ෆ්ලයි ද මිනිසුන් ගෙන යන ඩ්‍රෝන ලෙස ඇතැම් විට ඉතා නිවැරදිව පෙන්වා දිය හැකිය. එය මාර්ගයේ පැදයාම සඳහා නිර්මාණය නොවූවකි.

එක් පුද්ගලයෙකු පමණක් ගෙන යා හැකි මෙම රිය "පියාපත් දෙකක ඇති අවරපෙති පද්ධති අටකින්" බල ගැන්වේ.

ගුවන්ගත කිරීමේදී මෙන්ම එවැනි තැනකට ගොඩබෑමේදී එය ඉතා කාර්යක්ෂම බව Opener සමගම පැවසීය.

මේ තොරතුරු ද දැනගන්න:

"බ්ලැක් ෆ්ලයි ගුවන්ගත වෙන හැටි දැකීමෙන් මම වික්ෂිප්ත වුණා" යැයි කී එක්සත් ජනපද පරීක්ෂණ ගුවන් යානා සංගමයේ අධ්‍යක්ෂ ඩෑන් ප්ලීසන්ස්, "මේ වගේ කිසිදෙයක් මා දැක නැහැ" යනුවෙන් සඳහන් කළේය.

මේ සඳහා නියමු බලපත්‍ර අවශ්‍ය නොවුව ද සමාගම පෙන්වා දෙන්නේ ඒ සඳහා හුරුවක් ඇතිකර ගැනීම සඳහා, එය පදවන්නන් පුහුණු වැඩසටහනකට යොමු විය යුතු බවය.

Opener ප්‍රධාන විධායක නිලධාරී මාකස් ලෙන්ග් පවසන පරිදි රියෙනි ඇති පාලක "වහා ප්‍රමෝදය" ගෙන දෙයි.

සීබීඑන් (CBN) ප්‍රවෘත්ති සේවයට කියා සිටියේ "ත්‍රිමානඅවකාශයේ පූර්ණ පාලනය ඔබ සතුවනවා" යනුවෙනි.

'කඩා වැටෙයි ද? - සමහරවිට..!'

පියාඹන රථ පිළිබඳ විද්‍යා ප්‍රබන්ධ සිහිනය හඹා යන සමාගම් පිළිබඳ දිගු ලැයිස්තුවට Opener ද එක්වී සිටින අතර ඩ්‍රෝන හැකියාවේ සීඝ්‍ර වර්ධනයට ස්තුතිවන්නට වෙන කවරදාටත් වඩා අනාගතය වඩා සමීප වන බවක් පෙනේ.

'මාර්ග තදබදයෙන් මිදුණු' ලොවක් ගැන කිටී හෝක් සපථ කර ඇත
බ්ලැක් ෆ්ලයි සහ කිටී හෝක් මෙන් ඌබර් වැනි සමාගම් ද, පියාඹන රිය වෙළෙඳපොළක් වේ නම් ඊට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

වීඩියෝව පහතින් බලන්න.


source - https://www.autoevolution.com/news
              https://www.bbc.com/sinhala

Monday, June 18, 2018

ජගත් සාගර දිනය - 2018 ජුනි 08

සාගර මඟින් සමස්ථ ලෝකවාසින්ට ලැබෙන ප්‍රයෝජනය අති මහත්ය.සාගරය දේශගුණය පාලනය කරන අතර වසරකට මිනිසුන් මිලියන ගණනක් සෘජුවම පෝෂණය කරයි. සාගරය විසින් ඔක්සිජන් නිෂ්පාදනය කරන අතර අපගේ භාවිතය සඳහා ඉතා වැදගත්වන ඖෂධ සපයයිජීවීන් හට නිවස්නයක් ද සපයයි. අපේ ප්‍රජාවන් සහ අනාගත පරම්පරාවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීමට නම් අපි සැලකිලිමත් ලෙස සාගර රැකබලා ගැනීම ට අත්‍යවශ්‍ය වේ.

සමුද්‍ර පරිසරයෙහි වැදගත්කම = පිළිබඳව ලෝක ප්‍රජාවට දනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි 8 වැනිදා ජගත් සාගර දිනය සැමරීම සඳහා නම් කර තිබේ.

පෘතුවි තලයෙන් 70%ක් ම වැසී පවතින්නේ සාගරයෙන්. නමුත් මේ පිලිබදව ලෝක වාසීන්ගේ අවධානය යොමු වුනේ 2009 ජුනි 08 වන දින "ලෝක සාගර දිනය" නිල වශයෙන්  ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

ඒ අනුව 1992 දී රියෝ ද ජැනයිරෝ නුවර පැවති මිහිතල සමුළුවේදී, 2009 දී "ජගත් සාගර දිනය" සැමරීමට කටයුතු සුදානම් කරනු ලැබීය.

2018 දී ලෝක සාගර දිනය අපගේ සාගරවල ප්ලාස්ටික් දූෂණය පිළිබඳව අවධානය යොමු කරයි. . ශ්‍රී ලංකාවේ ද මෙම තේමාව යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ජගත් ජාතික සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් සම්පාදනය කරනු ලබන "සත්සමුදුර" සඟරාව එළි දැක්වීමද මෙදින සිදු කෙරේ.

මූලාශ්‍ර - 
https://sinhala.news.lk/news/sri-lanka/item/11745-2015-06-08-04-27-34
https://www.awarenessdays.com/awareness-days-calendar/world-oceans-day-2018/

Wednesday, June 13, 2018

මගීන් ගෙනයන ප‍්‍රථම ස්වයංක‍්‍රීය ඩ්‍රෝනය කැලිෆොර්නියාවෙන්


මගියකු සමඟ ගුවන් ගත කළ හැකි ප‍්‍රථම ස්වංක‍්‍රීය ඩ්‍රෝන යානය නිපදවීමට කැලිෆොර්නියාවේ සමාගමක් සමත්වී සිටියි.

‘රතු යානය’ ලෙස නම්කර ඇති මෙය පැයට කිලෝමීටර 70 ක වේගයකින් ගමන් කරයි. මෙම යානය විනාඩි 25 ක පමණ කාලයක් ගුවනේ ගත කළ හැක. මෙය මගියාට අතින් ක‍්‍රියාත්මක කිරීමට හෝ ආරම්ඹයේදී ගමනාන්තය සඳහන් කළ පසුව නිදහසේ ඉඳගෙන යාමට හැකි වන පරිදි නිපදවා ඇත. 

 කිලෝග‍්‍රෑම් 240 ක බරින් යුක්ත මෙම ඩ්‍රෝනයට කිලෝග‍්‍රෑම් 120 ක බඩු බාහිරාදිය රැගෙන යාහැකි බව සඳහන් වේ.

Monday, June 11, 2018

මුහුදු පතුලේ තැන්පත් කළ දත්ත ගබඩාවක් මයික්‍රොසොෆ්ට් සමාගමෙන්

බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්‍රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ.

සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය. මෙම ව්‍යාපෘතිය 'Project Natick' ලෙස නම් කර තිබේ.

දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ. නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය.

ස්කොට්ලන්තයේ ඕක්නි දූපත් ආශ්‍රිත මුහුද බලශක්තිය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන ප්‍රදේශයකි.

පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ.

"ගොඩබිමට වඩා ජලයේ දී පරිගණක වඩාත් සිසිල් වෙනවා කියා අපි සිතනවා," යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් පැවසීය.

"මිනිසුන් නැති නිසා ගබඩාව අවට ජලයේ ඇති ඔක්සිජන් ඉවතට ඇද දැමීමෙන් පරිගණක මලකඩ කෑම නතර කරගන්න පුළුවන් වීම මෙයින් අපිට ඇතිවන තවත් වාසියක්. පරිගණක මලකඩ කෑම දත්ත ගබඩා වල බහුලව මතුවෙන ප්‍රශ්නයක්," ඔහු තවදුරටත් පැවසුවේය.

ක්‍රියා විරහිත වූ පරිගණක අලුත්වැඩියා කිරීමට නොහැකි වුවත්, ගොඩබිමේදී මෙන් මෙම පරිගණකවලට නිතර හානි සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙහි ඇත්තේ අධි බලැති පරිගණක (servers) දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කර හැකිය.
ලෝකයේ පවතින වෙනත් දත්ත ගබඩා සමග සංසන්දනය කිරීමේදී මෙය ඉතා කුඩා ගබඩාවකි. මෙහි ඇත්තේ අධි බලැති පරිගණක (servers) දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කළ හැකිය.

2015 වර්ෂයේ දී මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මෙවැනි මධ්‍යස්ථානයක් මාස පහක කාලයක් දිය යට තැන්පත් කර පරීක්ෂණ පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දත්ත ගබඩා කළ පරිගණක සහිත තවත් සිලින්ඩර පහක් දිය යට තැන්පත් කර දින 90කින් දත්ත ගබඩා මධ්‍යස්ථානයක් පිහිටුවීම සමාගමේ බලාපොරෝත්තුවය. නමුත් ගොඩබිම දී එවැනි ගබඩාවක් තැනීමට වසර ගණනාවක් ගත විය හැකිය.

ඕක්නි මුහුදු ප්‍රදේශයේ දත්ත මධ්‍යස්ථානය තැන්පත් කිරීමේ මෙහෙයුමට අධික මුදලක් වැය වී ඇති අතර එය බහුජාතික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය.

සිලින්ඩරය ඉදිකර එයට පරිගණක ඇතුළු කර ඇත්තේ ප්‍රංශ නැව් නිෂ්පාදන සමාගමක් විසිනි. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය (EMEC) දියඹ සහ ගොඩබිම සම්බන්ධ කරන කේබල් සපයමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබේ.

යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානයේ (EMEC) විශේෂඥ නිර්දේශවලට අනුව මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුමට ඕක්නි දූපත් වටා මුහුදු ප්‍රදේශය තෝරා ගෙන ඇත.

ඕක්නි දූපත්වල සුළං බලාගාර පිහිටුවා තිබේ. එමෙන්ම, යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය වසර 14ක කාලයක සිට මුහුදු රළ බලශක්තිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ මධ්‍යස්ථානයක් ඕක්නි වෙරළේ පවත්වාගෙන යයි.

දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමේ වේගවත් ව්‍යාපෘති හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දිය හැකි බවට අදහස් පළ වෙමින් පවතී.
නමුත් Tech UK බ්‍රිතාන්‍ය සමාගමේ එක් අංශයක් නියෝජනය කරන එමා ෆ්‍රයර් පවසන්නේ මෙම භීතිය අතිශයෝක්තියක් බවය.

"බලශක්තිය පරිහරණය සුළු ප්‍රමාණයකින් වැඩි කර විශාල දත්ත ප්‍රමාණයක් සමග කටයුතු කිරීමට අපට හැකි වී තිබෙනවා," යනුවෙන් ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත්, මෙම කර්මාන්තය අඛණ්ඩව ව්‍යාප්ත වන බැවින් ඉදිරියේදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඇය පැවසුවාය.

"මයික්‍රොසොෆ්ට් ආයතනය මේ ගැන වෙනස් ආකාරයකට සිතන එක ගැන ඇත්තෙන්ම සතුටට කාරණයක්."

දත්ත මධ්‍යස්ථාන මුහුදු පතුලේ හෝ මුහුද ආසන්නයේ ස්ථානගත කිරීම ඉතා යහපත් අදහසක් බව එමා ෆ්‍රයර් තවදුරටත් පැවසීය.

"ලෝකයේ ජනගහනයෙන් 50% ක් ජීවත් වන්නේ වෙරළ තීරයට ආසන්නයේ," ඇය පැවසුවාය.
නමුත් තවත් විශේෂඥයෙක් මෙම අදහසට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

වසර 30 කට ආසන්න කාලයක් පුරා දත්ත මධ්‍යස්ථාන උපදේශකයෙකු ලෙස සේවය කරන මහාචාර්ය ඉයන් බිටර්ලින් පැවසුවේ දිය යට දත්ත ගබඩා පිහිටුවීමෙන් පාරිසරික බලපෑම් ඇති විය හැකි බවය.

"අවසානයේ දී ඉතිරි වන්නේ ඉතා උණුසුම් මුහුදක් සහ විශාල මත්ස්‍යයන් පමණයි," ඔහු පැවසීය.

යුරෝපයේ දත්ත මධ්‍යස්ථානවලින් 90% ක් ලන්ඩන් හා මැඩ්රිඩ් වැනි විශාල නගරවල පිහිටා තිබේ.

මයික්‍රොසොෆ්ට් ආයතනයේ බෙන් කට්ලර් අවධාරණය කරන්නේ දත්ත ගබඩාවෙන් ඇතිවන උෂ්ණත්වයේ බලපෑම අවම වනු ඇති බවය.

මෙය "විකාර අදහසක්" ලෙස බොහෝ දෙනා සිතිය හැකි නොවේ දැයි බෙන් කට්ලර්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ: "මෙය යථාර්ථයක් බවට පත්විය හැකි විකාර අත්හදා බැලීමක්," බවය.

"මෙය දැනට පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස හඳුවන්න පුළුවන්. අනාගතයේ දී එය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දත්ත මධ්‍යස්ථාන ගැන අප විවිධ පර්යේෂණ සිදු කරනවා," යැයි ඔහු තවදුරටත් පැවසීය.

ඉදිරි වසර පහ තුළ Project Natick කණ්ඩායම මෙම දිය යට දත්ත මධ්‍යස්ථානය අධීක්ෂණය කරනු ඇත. එය අනාගතයට ලැබෙන සංඥාවක් විය හැකිය. නැතහොත් එහි වෙසෙන මත්ස්‍යයන්ට සංචාරක ආකර්ෂණයක් විය හැකිය.

Source - 
http://theliquidgrid.com/2017/10/24/underwater-data-centers/
https://www.inverse.com/article/45690-emp-bombs-no-big-deal-project-natick-undersea-data-center
https://www.geekwire.com/2018/clouds-sea-microsoft-deploys-project-natick-data-center-off-coast-scotland/
www.bbc.com/sinhala

Friday, June 8, 2018

ශබ්දයේ වේගය මෙන් 20 ගුණයක වේගයක්‌ ලබාගෙන රුසියාව ඇමරිකාව පරදයි

ලොව බලවතුන් අතර පවතින සීතල යුද්ධයෙහි තවත් කඩඉමක්‌ සනිටුහන් කිරීමට රුසියාව නොබෝදා සමත්විය. ඒ ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද අලුත්ම යුද අවිය පිළිබඳවයි. ශබ්දයේ වේගය සාමාන්‍යයෙන් තත්.ට මීටර් 343 හෙවත් පැයට කි. මීටර් 1225 ලෙසයි සලකන්නේ. සුපර්සොනික්‌ ජෙට්‌ යානාවක වේගය මෙම ශබ්දයේ වේගය ටිකක්‌ ඉක්‌මවන්නක්‌. නමුත් රුසියානුවන් නිපදවූ මෙම අලුත්ම අවිය ශබ්දයේ වේගය මෙන් දසගුණයකටත් වඩා වේගවත්. Hypersonic Weapon (අධිවනිත අවිය) ලෙස හඳුන්වා ඇති මෙම අවිය මිසයිල ප්‍රවාහන යානාවක්‌ ලෙසින් හඳුන්වා දිය හැකියි. මේවා දැනට ඇමරිකා එක්‌සත් ජනපද මිසයිල ආරක්‌ෂණ පද්ධතියටත් හසුනොවන පරිදි අති සූක්‌ෂ්ම ලෙස නිපදවා තිබීම ඔවුන් පවා තැතිගන්වන්නක්‌. මේ පිළිබඳව මුලින්ම රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් ලොවට හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය. එදා ඔහු පැවසුවේ ශබ්දයේ වේගය මෙන් 20 ගුණයක වේගයක්‌ ලබාගත හැකි යුද අවියක්‌ නිර්මාණය කර ඇති බවය. කෙසේ නමුත් මේ පිළිබඳ තොරතුරු ලොවට හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය සතියේය. ඇමරිකානු බුද්ධි අංශයේ රහස්‍ය තොරතුරු නිලධාරීන් පවා, මෙම අවිය රුසියානුවන් පසුගිය සතියේ සාර්ථකව අත්හදා බලා ඇති බව පිළිගත්හ.

soundමෙම අවිය Hypersonic Glid Vehical (අධිවනිත ලිස්‌සායාමේ යානයක්‌) ලෙස සකස්‌ කර ඇති අතර ඕනෑම අන්තර් මහාද්වීපික බැලස්‌ටික්‌ මිසයිලයක්‌ හෝ න්‍යෂ්ටික අවි ශීර්ෂයක්‌ (Warheads) තම අවසාන ඉලක්‌කය වෙත ශබ්දයේ වේගය මෙන් දසගුණයක පමණ වේගයකින් සියලු බාධක මගහැර යොමුකිරීමේ හැකියාව පවතින බව රුසියානු ගගන ඉංජිනේරු ශිල්පය පිළිබඳ නොටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ අතිවනිත ගුවන්යානා තාක්‌ෂණය පිළිබඳ සහකාර මහාචාර්ය Thomas Juliano පවසයි.

රුසියානුවන්ගේ අරමුණ වූයේ ඇමරිකානු මිසයිල ආරක්‌ෂණ පද්ධතිය මගහැරයාමේ අවියක්‌ නිපදවීමයි. මෙම තාක්‌ෂණය අතින් අප ලොව ඉදිරියෙන්ම සිටින බව පවසන සහකාර මහාචාර්ය Juliano මීට ප්‍රථම 2010 දී හා 2011 දී අමරිකාව විසින් සිදුකළ මෙවැනි අත්හදා බැලීම් වන Hypersonic Technology Vehical-2 නම් යානා සියල්ල අසාර්ථක වූ බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. රුසියානුවන් විසින් නිපද වූ මෙම නව මිසයිල අවිය ශබ්දයේ වේගය මෙන් කිහිපගුණයකින් යුතු වේගයකින් අහසට විදින අතර එහි ඇති කීලාකාර (කූඤ්ඤාකාර) හැඩය මගින් ඉතා පහසුවෙන් ඉන් ඇති කරන අධික කම්පන තරංග අතරින් පහසුවෙන් ගමන්කර අධික බලයක්‌ ලබාගනී.


ඉහළ අහසේ ඇති අඩු වායු ඝනත්ව ප්‍රදේශවලදී වඩාත් සක්‍රීය වන මේවා සතු ඉතා කෙටි පියාපත් ආධාරයෙන් දිගු දුර ප්‍රමාණයන් පරාවලයක හැඩය ලබාගනිමින් වේගයෙන් ගමන් කරනු ලබයි. මෙලෙස වේගයෙන් යමින් පරිගණක දත්ත ආධාරයෙන් හැසිරවිය හැකි තම අදාළ ඉලක්‌කය වෙත හඹාගොස්‌ ගුරුත්වාකර්ෂණ බලයට සාපේක්‌ෂව කඩා වැදීම මේවායේ ස්‌වභාවයයි. මේවා ගුවන් ගතවීමේදී ඇතිවන අධික කම්පන තරංග නිසා උත්පාදනය වන අධික උෂ්ණත්වයත් තාපයත් දරාගත හැකි ආකාරයට සාර්ථකව නිෂ්පාදනය කර ඇත. ඇමරිකානු යුද විශේෂඥයන් අන්දමන්ද කර නිපද වූ මෙම නව යුද අවිය නිසා රුසියානුවන් තවදුරටත් යුද රුසියන්ම බව ට ලොවට හඳුන්වා දී හමාරය.

https://www.livescience.com/62653-russia-hypersonic-weapon.html

https://www.dailystar.co.uk/news/world-news/678484/hypersonic-doomsday-weapons-missiles-russia-china-paul-selva-warning

http://eethalayanews.com/ සිසිර කිත්සිරි

Monday, June 4, 2018

අඟහරු මතදී මිනිස් ලිංගික ක්‍රියාකාරකම් වලට අහිතකර බලපෑම්

රතු ග්‍රහයා ලෙසින් හඳුන්වන අඟහරු ග්‍රහයා කියන්නේ දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක අතරේ පෘතුවියට යම්තාක් දුරට හෝ සමානකමක් ඇති එකම ග්‍රහයායි. ඒ නිසාම අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් කාලයක් තිස්සේ විවිධ පර්යේෂණ අධ්‍යයන කරන්න නාසා ආයතනය ප්‍රමුඛ අභ්‍යවකාශ විද්‍යාඥයින් කටයුතු කලා.

අඟහරු මත මිනිස් ජනපදයක් ඇති කිරීමේ අදහස මීට ටික කාලෙකට කලින් යෝජනා වූවක්, ඒත් අද වෙනකොට ඒක තවදුරටත් හිතලුවක් නොවෙන තැනට කටයුතු සිද්ධවේගෙන එනවා. අඟහරු ග්‍රහයා මත ගොඩනැගිලි ඇතිකිරීම, ශාක වැවීම, ආහාර සකස් කිරීම, ජලය සහ වායු පවත්වාගෙන යාම සිදුකරන්න පුළුවන් කියලා දැනටමත් පර්යේෂකයන් හොයාගෙන ඉවරයි. ඒත් පර්යේෂකයන්ගේ නවතම සොයාගැනීම්වලට අනුව අඟහරු ග්‍රහයා මත ලිංගික කටයුතු කරන එකනම් ටිකක් අවදානම්.

අනාගතයේදී අඟහරු ග්‍රහයා මත ජනපද ඇතිවීමෙන් පස්සේ ජනතාව අතරේ වර්ගයා බෝ කිරීම සිදුවෙද්දි ඔවුන්ගේ ලිංගික සහ ප්‍රජනන ක්‍රියාවලිය සම්බන්ධයෙන්  සිදුකරන ලද පූර්ව නිගමනයන්ට අනුව තමයි මේ ලිංගික කටයුතු ටිකක් අවදානම් කියලා හොයාගෙන තියෙන්නේ, ඒකට ප්‍රධානතම හේතුව තමයි අඩු ගුරුත්වය නිසා (පෘතුවිය හා සංසන්දනයේදී තුනට එකක් වැනි ප්‍රමාණයක ගුරුත්වයක් අඟහරු මත පවතී) ලිංගික ක්‍රියාකාරකම් වලට අහිතකර බලපෑම් එල්ලවේවි යන අදහස. නමුත් සංසේචනය, ගර්භාෂය දරා සිටීම සහ දරුවන් බිහිකිරීම සිදුකල හැකි බව ඔවුන්ගේ මතයයි.

ඇතැම්විට මේ අවදානම් තත්වය යටතේ ලිංගික කටයුතු සිදුවුවහොත් යම් හෙයකින් ගර්භාෂයේ බිහිවන දරුවන් නව මිනිස් ප්‍රභේදයක් පවා බිහිකිරීමට ඉඩ ඇති බව ඔවුන්ගේ අදහසයි. ඇතැම්විට විකෘති දරු උපත් හෝ මිනිසාගේ ස්වභාවයට වෙනස් ජිවීන් කොටසක් බිහිවීමේ අවදානමක් ඒ තුල ඇති බව ඔවුන්ගේ අදහසයි.

එසේ උපදින දරුවන්ගේ මොළයේ ප්‍රමාණයේ වෙනස්කම්, ඇස් පෙනීම සහ වචන උච්චාරණයේ වෙනස්කම් ඇතිවිය හැකි බවටද ඔවුන් මත පලකරනවා. එපමණක්ද නොව අඟහරු ග්‍රහයා මත ඇති පාරිසරික තත්වයන් නිසා ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර ආදරය සහ ලිංගික ආසාවන් වැනි හැඟීම් ඇතිවීමට යම්කිසි බාධාවක් ඇතිවේද යන්න පිළිබඳව පවා පර්යේෂකයන් මේ දිනවල සොයමින් ඉන්නවා. මේ පර්යේෂනයන් ඉතාමත් වැදගත් වන්නේ අඟහරු මත ජනපදයේ සම්පූර්ණ පැවැත්ම තීරණය වෙන්නේ මේ පර්යේෂණයන්ගේ ප්‍රතිඵල මත වීම නිසායි.

Source - 
1. http://www.eethalayanews.com
2. http://trendtek.republika.co.id/berita/trendtek/sains-trendtek/18/02/01/p3gs66359-nasa-siap-tempatkan-reaktor-nuklir-di-permukaan-mars

Thursday, May 31, 2018

උදේට අනිවාර්යෙන්ම ඇහැරවන එලාම් පාපිස්ස

මෙම සුවිශේෂී පාපිස්ස අනිවාර්යෙන්ම ඔබව නියමිත වෙලාවට ඇහැරවනවා. Winson Tam සහ Vancouver සහ Hong Kong ප්‍රදේශ වල නව නිපැයුම් කරුවන්  විසින් මේක නිර්මාණය කර ඇත.

“Ruggie” නමින් හඳුන්වන මෙම උපකරණය පීඩන සංවේදී එලාම් ඔරලෝසුවක් කීවොත් නිවැරදියි. මෙම උපකරනයට ඔබව ඇඳෙන් බිමටම බැස්සවීමේ හැකියාවක් තිබෙනවා. 

ඒ තමයි මෙම එලාම් එක වදින්න ගත්තාම ඒක නවත්තන්න නම් තත්ත්පර 3ක් යනකම්  කකුල් දෙක පාපිස්ස උඩ තියාගෙන සිටිය යුතුයි. තත්ත්පර 3ක් ඇඳෙන් බැහැලා ඒක උඩ හිටගෙන ඉන්නකොට ඇහැරෙනවානේ. ඒ වගේම කකුලක් විතරක් මේක උඩ තියලා රවට්ටන්න බැහැ. මෙම එලාරය නවත්තන්න කකුල් දෙකම ඒ මත තැබිමත් අනිවාර්යයි.

“Ruggie”අලුතෙන්ම හඳුන්වා දෙනකොට ඩොලර් 99ක මිලක් අනත් දැන් මිල ඩොලර් 69ක් පමණ වන බව සඳහන්. 

Source -  https://ideaing.com/product/ruggie-alarm-clock

Wednesday, May 16, 2018

හරියටම නහරෙටම බෙහෙත් විදින නහර දර්ශකය


නහර දර්ශකය  නැතිනම් VeinViewer කියන්නෙ පසුගිය වකවානුවේදී හොයාගත්ත තාක්ෂණයක්. මේ වෛද්‍ය උපකරණ පද්ධතිය නිර්මාණය කරල තියෙන්නෙ  ක්‍රිස්ටී මෙඩිකල් හෝල්ඩිං (Christie Medical Holdings) කියන සමාගම විසිනි. 
මෙම උපකරණය අධි විභේදන සහිතව රෝගියාගේ නහරවැල් පෙන්නුම් කිරීමට සමීප අධෝරක්ත ආලෝකය භාවිතා කරනවා. වෛද්‍යවරුන්ට අනුව මේ උපකරණය ඔවුන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් ‍වෙනවලු.

මෙමගින් රෝගීන්ට කිහිප වතාවක් කටු අනින්න සිදු නොවීම මත ඔවුන්ට   අති මහත් අස්වැසිල්ලකට කරුණක් වනු ඇත.

Source - https://medical.electronicspecifier.com/optomedical/no-more-searching-in-vein

Monday, May 14, 2018

ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක වේගයෙන් පියාසර කරන යානාවක්

2017 ජුනි 7 වැනිදා ලුකීඩ් මාර්ටින් (Lockheed Martin) සමාගමේ අධිතාක්ෂණික යානා නිර්මාණ අංශය වන Advanced Development Program (Skunk Works) ට අනුව බොහෝ කාලයක සිට වාර්තා වෙමින් පැවති අධිවේගී SR – 71 බ්ලැක්බර්ඩ් ඔත්තු බැලීමේ යානාවේ අනුප්‍රාප්තික SR -72 යානාව සැබැවින්ම නිර්මාණය කරමින් තිබෙන බවයි වාර්තා කර ඇත. 


ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක ( 7400 Km/h)  වේගයෙන් මෙම යානාව පියාසර කරනු ඇත. මෙය ඔත්තු බැලීමට මෙන්ම  ශූක්ෂ්ම ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීම සඳහාද භාවිතා කිරීමට නිර්මාණය වන බව සඳහන්.


7400 Km/hක අධික වේගයක් දක්වා පියාසර කිරීමට සාමාන්‍ය ජෙට් එන්ජින් වලට නොහැක. මෙම යානය සඳහා රොකට් බේස්ඩ් කම්බයින්ඩ්-සයිකල් ප්‍රොෆලිෂන් සිස්ටම් (Rocket-Based Combined Cycle propulsion system) නම් අලුත් එන්ජින් තාක්ෂණයක් භාවිතා වේ. 

අඩු වේගවලදී ජෙට් එන්ජිමක් ලෙසද අධික වේගයන් ලබාගැනීම සඳහා රොකට් එන්ජිමක් ලෙසද ක්‍රියාත්මකවීමට කම්බයින්ඩ් සයිකල් තාක්ෂණයේ එන්ජින් වලට හැකි බව සඳහන් කර ඇත.

Source :  https://www.sciencedirect.com/science/article/pii/S1270963814001382
               

Friday, May 11, 2018

පාරක් නැති ගමක්

අපට පාරක්ත නැති ගමක් පිළිබඳව අසන්නට ලැබෙන්නේ නෙදර්ලන්තයෙනි. සංවර්ධිත  රටකින් ‘පාරක් නැති ගමක්‘ ගැන වාර්තා වීම විමතියකට කරුණකි.

එසේ වූවද  ගිතූන් නමින් හඳුන්වන මෙම පාරක් නැති ගම අති දුෂ්කර එකක් නොවන අතර මනස්කාන්ත වූ ද අති සුන්දර වූ ද ගමකි. 

මේ ගමට පාරවල් නැත්තේ මිදුලට බැස්සත් එය වටවී තිබෙන්නේ වතුරෙන් වන නිසා ය. ඒ නිසාම එයට අන්වර්ථ නාමයක් ද පටබැඳී ඇත. එනම් නෙදර්ලන්තයේ වැනීසිය යන්නයි. වැනීසිය ද සහමුලින්ම පාහේ ජලයෙන් වටවී ඇති ඉතාලි නගරයක් බව ඔබ දන්නවා ඇතැයි සිතමි. මෙහි වූ අතිශය සුන්දරත්වය නිසාම මෙම ගම සංචාරක පාරාදීසයක් බවට පත්ව ඇත. 

 මේ ගමේ සියලු ප්‍රවාහණ කටයුතු සිදුවන්නේ බෝට්ටු සේවාවකිනි. ඒවා විදුලි බලයෙන් ක්‍රියා කරයි. 

මේ ගමේ කුඩා දූපත් සමූහයක් ලෙස පිහිටා ඇති අතර ඒ දූපත් හැම එකක්ම පාලම්වලින් එකිනකෙට සම්බන්ධ කර ඇත.

Thursday, May 10, 2018

ටෙස්ලා ඔස්ට්‍රේලියාවේ හයිකරපු ලෝකෙ ලොකුම බැටරිය

විදුලි කාර් වලට ප්‍රසිද්ධ සමාගමක් වන ටෙස්ලා සමාගම බළශක්ති අර්බුධයක් පැවති දකුණු ඔස්ට්‍රේලියාවට ස්ථාවර බළශක්ති පද්ධතියක් ලබාදීමට කටයුතු කර ඇත. 
එහිදී ටෙස්ලා සමාගම, කාර්වලට යොදන සුපිරි බැටරි තාක්ෂණයෙන් යුතු එදා මෙදා තුර ලෝකයේ ලොකුම බැටරිය දකුණු ඔස්ට්‍රේලියාවේ සවි කරමින් මෙම විදුලි අර්බුධයට විසඳුමක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. 

වැඩ ආරම්භ කළ දින සිට දින 100කින් මෙම පද්ධතිය නිමවා දකුණු ඔස්ට්‍රේලියානු විදුලි පද්ධතියට සම්බන්ධ කළ මෙම අති විශාල බැටරිය මෙගාවොට් සීයක බළශක්තියක් ගබඩාකර ගන්නා බව සහන් වේ. 

මෙය ආරෝපණය කිරීම සුළං බළාගාරයකින් සිදු කරනු ලබයි. මෙම බැටරියේ විශාලත්පාවය කීවහොත් පාපන්දු පිටියක් තරම් විශාලය. මෙම බැටරි නිවාස 30,000කට අර්බුධයකින් තොරව විදුලිය ලබාදීමට තරම් ප්‍රමාණවත් වේ.

මෙවැනි තොරතුරු තවත් දැන ගන්නට ගොසිප් වර්ල්ඩ් FB පිටුවට Like කරන්න. මිතුරන්ට දැන ගන්න Share කරන්න. අමතක කරන්න එපා.

Source - 


https://electrek.co/2018/01/23/tesla-giant-battery-australia-1-million/



Tuesday, May 8, 2018

අරුම පුදුම පැහැදිලි කළ නොහැකි අරුම පුදුම


1. කොස්ටාරිකා යෝධ පාෂාණ ගෝල 
කොස්ටාරිකා හි තිබෙන යෝධ පාෂාණ ගෝල 19 වන සියවසේ අග භාගයේදී සාදන ලද ඒවා වන අතර අදටත් 300ක් පමණ දැකිය හැක. ඒවා අතරින් විශාලතම ගෝලය ටොන් 16ක් හෙවත් කිලෝ 14500ක් විශාල ය. ඒවායේ සමමිතිය මෙතරම් නිවැරදි වූයේ කෙසේදැයි අදද ලෝකය මවිතයට පත්වෙයි.


2. දමස්කස් අසිපත්
- එම අසිපත් වල තියුණු මුවහත ගල් හෝ පාෂාණ දෙපලු කිරීමෙන් පසුවද ඒ ආකාරයටම පවතියි. ගැටලුව වන්නේ ක්‍රි.පූ. 800 තරම් ඈත අතීතයේදී ඒවා නිෂ්පාදනය කළේ කෙසේද යන්නයි..


3. දිල්ලි යකඩ ද්වාරය 
දිල්ලි නගරයේ ප්‍රකට යකඩ ද්වාරය වසර 1600කට පසුත් එදා මෙන්ම සවිමත් ව පවතියි. එයට හේතුව විද්‍යාඥයෝ අදටද නොදනිති. 



4. චිිනයේ  පාෂාණමය නාල පද්ධතිය
කඳුකරයේ සිට ජලාශයක් වෙත දිවෙන පාෂාණමය නාල පද්ධතියක් චිිනයේ ගුහා පද්ධතිය ආශ්‍රිතව දැකගත හැක. ඒවා පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණ බවටද සැකයක් තිබේ.

5. තාරුකාවල ගමන් මග නිරීක්ෂණ තඹ යන්ත්‍රය 
ඇන්ටිකිතේරා යාන්ත්‍රණය මගින් තාරුකාවල ගමන් මග නිරීක්ෂණය කෙරුණේ වසර 2000ක් පැරණි, නූතන පරිගණකයට සමාන තඹ යන්ත්‍රයක් මගිනි.



6. වොයිනිච් අත්පිටපතේ ගුප්ත භාෂාව
පහළොස්වැනි සියවසේදී වොයිනිච් අත්පිටපත ලියා තිබෙන්නේ අදටත් සොයාගත නොහැකි භාෂාවකිනි. පිටු 240 ක් පුරා දිවෙන සංකීර්ණ රූප සටහන් ආදියෙන් සමන්විත එය ව්‍යාජයක් නොවන බවද විශ්වාස ය.




7. බ්‍රසීලයේ අඟල් 14 මමිය -  1932 වසරේදී බ්‍රසීලයේ සැන් පෙඩ්‍රෝ කඳුකරයෙන් අඟල් 14ක් හෙවත් සෙන්ටිමීටර 35ක් උස මමියක් සොයාගැනිණි. එය සැබෑවක් බව ස්වභාව කෞතුකාගාරය මගින්ද සහතික කරන ලදී. නමුත් මමිය පසුව අතුරුදන් විය.

8. මයික්‍රොනීසියාවේ කෘතිම කොරල්පර දුූපත් 
මයික්‍රොනීසියාවේ කොරල්පරයක් මත කෘතිම දුූපත් සිය ගණනක් නිර්මාණය කර ඇත. ඒවා සාදා තිබෙන්නේ ක්‍රි.පූ. 200 සියවසේදී ය. ඒවා කවුරුන් විසින් කුමක් සඳහා සෑදුවේද යන්න අදටද අබිරහසකි.

9. බැග්ඩෑඞ් බැටරිය
අඟල් 5ක් උස මැටි බඳුනකට බහාලූ යකඩ යෂ්ටියකින් සමන්විත ‘බැග්ඩෑඞ් බැටරිය’ මුලින්ම නිර්මාණය කෙරුණේ ක්‍රි.පූ. 200 යුගයේය. ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා විදුලි කෝෂය සොයාගත්තේ එයට වසර 2000කට පසුවය.

10. දුම්කොළ සොයාගත් කාලයටත් පෙ‍ර දුම්කොළ -  හෂීස්,කොකේන් සහ දුම්කොළ ඊජිප්තු මමි නවයකින් පමණ එදාමෙදාතුර සොයාගෙන තිබේ. නමුත් විශ්වාස කෙරුණේ දුම්කොළ සොයාගැනීම සිදුවුණේ මිසර මමි සංස්කෘතියෙන් වසර 2000කට පසු බවයි.

Total Pageviews

FB